ලිපිනය
ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව – බස්නාහිර පළාත
අංක: 204,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල
වෙබ් අඩවිය :https://drd.wp.gov.lk/si/
බස්නාහිර පළාතේ ආර්ථික පුනර්ජීවනයට සවියක් වෙමින්, ස්වයං රැකියාලාභීන් බිහි කිරීමේ අරමුණින් බස්නාහිර පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ග්‍රාමීය කාන්තා පුහුණු මධ්‍යස්ථානයේ 2023 වර්ෂයට අදාළ නව පාඨමාලාව අද දින එනම් 2023.02.09 දින ඔබේසේකරපුර බතික් පුහුණු මධ්‍යස්ථානයේදී ආරම්භ විය.
මෙහිදී ග්‍රාම සංවර්ධන අධ්යක්ෂ (බ.ප)ගේ මෙහෙයවීම හා මග පෙන්වීම අනූව කෝට්ටේ ප්‍රාදේශීය ලේකම්ගේ අධීක්ෂණය හා සහයෝගය මත ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ සීතාවක හා බේරුවල මැහුම් උපදේශිකාවන් විසින් මෙම ප්‍රතිලාභීන් උදෙසා එක්දින රූපලාවන්‍ය වැඩසටහනක් ද, කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන් මගින් අපනයනය, ව්‍යවසායකත්වය, සමාජ ආරක්ෂණය, ග්‍රාම සංවර්ධනය හා මැහුම් ක්ෂේත්රයන් ඔස්සේ ප්‍රතිලාභීන්ගේ ප්රගමනයට කෙටි දැනුවත් කිරීම් ද මෙදින සිදු කෙරිණි.
මීට සමගාමීව කොලොන්නාව, මහර, මීගමුව හා ගම්පහ යන ග්‍රාමීය කාන්තා පුහුණු මධ්‍යස්ථානයන් ද පෙබරවාරි මස මුල් සතියේදී 2023 වර්ෂය සඳහා නව පුහුණු පාඨමාලා ආරම්භ කරන ලදි.
මූලික පුහුණු කටයුතු පිළිබඳව මෙන්ම ස්වයං රැකියා සඳහා වැඩි වශයෙන් පුහුණු ලාභීන් යොමු කරවීම උදෙසා 2023 වර්ෂයේදී වැඩි අවධානයක් යොමු කරමින් නව වැඩසටහන් පෙලගැස්මක් ද ඉදිරියේදි මෙම මධ්‍යස්ථාන හරහා සිදු කෙරෙනු ඇත.
බස්නාහිර පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් පළාතේ සිසු දරුදැරියන්ගේ ඉගෙනුමට අත්වැලක් සපයනු වස් පසුගිය දා ඉගෙනුම් උපකාරක ලබා දීමේ වැඩසටහන් සහ ප්‍රජා සත්කාරක සේවා ලබා දීමේ වැඩසටහන් රැසක් දිස්ත්‍රික්ක ත්‍රිත්වය ම ආවරණය වන පරිදි සිදු කරන ලදී.
මෙහිදී කැස්බෑව, වත්තල, මීරිගම හා ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පාසල් දරුදැරියන් 500කට අධික ප්‍රමාණයකට පාසල් උපකරණ බෙදා දීම, දේශීය හා බටහිර වෛද්‍ය සායන පැවැත්වීම, අක්ෂි සායන සහ ලේ දන්දීමේ වැඩසටහන් ආදී ප්‍රජා සත්කාරයන් රැසක් සිදුකරන ලදී.
මේ සඳහා ග්‍රාම සංවර්ධන අධ්යක්ෂ, අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම සංවර්ධන නිලධාරී හා සෙසු නියෝජිතයන් සමඟ ප්‍රදේශයේ ආගමික නායකයින් හා ප්‍රජා නියෝජිතයන් ඇතුළු ප්‍රදේශ වාසීන් රැසක් සහභාගී විය.
ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව
බස්නාහිර පළාත
බස්නාහිර පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන්, පළාතේ අාහාරමය සුරක්ෂිතතාව හා පෝෂණය තහවුරු කිරීමේ ක්‍රියාන්විතය උදෙසා ග්‍රාම සංවර්ධන සමිති සාමාජිකයින් කේන්ද්‍ර කොටගෙන ක්‍රියාත්මක කරන ගෘහ අාර්ථිකය හා පෝෂණය නංවාලීමේ වැඩසටහන යටතේ ගෘහ අවශ්‍යතාවයට සරිලන බිම් මල් වගාවක් සැකසීම පිළිබද වැඩමුලු කීපයක් පසුගියදා පවත්වන ලදී.
මේ සඳහා සම්පත් දායකයින් ලෙස ග්‍රාම සංවර්ධන නිලධාරින්, කෘෂි සංවර්ධන නිලධාරින් හා කෘෂි උපදේශක නිලධාරින් සිය සම්බන්ධීකරණ හා උපදේශන සේවා දායකත්වය ලබාදුනි.
ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව
බස්නාහිර පළාත
2023.03.24
Do you want to be an Entrepreneur
or
Do you wish to obtain a new skill?
Your creativity and dedication would pay you off!
Join the special program on Screen Printing for free of charge!
At the Divisional Secretariat, Bulathsinhala on Wednesday, 28th of March, 2023 from 9.00 am to 3.30pm
Call for more information and registration
piyumi _ 0703134454
Department of Rural Development(W.P)
2023.03.27
නව පාසල් වර්ෂය ආරම්භයට පූර්වයෙන් ආර්ථික සවියක් අවැසි ප්‍රදේශවාසීන්ගේ දුවා දරුවන්ට පාසල් උපකරණ හා එම ද්‍රව්‍ය මිලදී ගැනීමට මුදල් වව්චර් පත් බෙදාදීමේ වැඩසටහන් කිහිපයක්, බස්නාහිර පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මගපෙන්වීමෙන් ග්‍රාම සංවර්ධන සමිති විසින් ප්‍රදේශවාසීන්ගේ අධාර හා උපකාර ද ඇතිව 2023.03.25 වන දින මහරගම හා කඩුවෙලදී සිදු කරන ලදී.
මෙම වැඩසටහන පාදක කරගනිමින් දුවා දරුවන්ගේ නිර්මාණාත්මක හා ප්‍රාසාංගික කුසලතා ඇගයීමක් හා පාසල් උපකරණ සහන මිල ගණන් යටතේ ලබා ගැනීම සඳහා වෙළඳ කුටියක් ද ක්‍රියාත්මක වීම විශේෂිත විය.
මේ සඳහා ප්‍රදේශයේ විහාරාධිපති හිමිවරුන්, පළාත් ග්‍රාම සංවර්ධන අධ්‍යක්ෂතුමිය, මහරගම ප්‍රාදේශීය ලේකම්තුමිය, කොට්ඨාසයන්හි ග්‍රාම සංවර්ධන නිලධාරීන් හා ග්‍රාම නිලධාරීන් ඇතුලු ප්‍රදේශවාසීන් රැසකගේ සහභාගීත්වය දක්නට ලැබුණි.
2023.03.30
ග්‍රාමීය කාන්තාවන් ව්‍යවසායකත්වයට නැඹුරු කිරීමේ අභිලාෂයෙන්, බස්නාහිර පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම හා මග පෙන්වීමෙන් අවුරුදු අලෙවි පොලක් පානදුර කළුදෑවල ග්‍රාම සංවර්ධන සමිති ශාලාවේදී 2023.03. 26 දින සාර්ථකව පවත්වන ලදි.
මෙහිදී පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක පානදුර ග්‍රාමීය කාන්තා සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුලාභීන් විසින් සිදුකරන ලද නිෂ්පාදන අලෙවිය සිදු කරන ලදි.
මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා කළුදෑවල ග්‍රාම සංවර්ධන සමිතිය සහ ප්‍රදේශ වාසීන් විසින් ද විශාල සහයෝගයක් ලබා දුනි.
බස්නාහිර පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ පූර්ණ දායකත්වය හා බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අධීක්ෂණය මත 2023.03.28 වන දින ස්ක්‍රීන් ප්‍රින්ටින් පුහුණු වැඩසටහන එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැරණි ගොඩනැගිල්ලේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි .
මේ සදහා හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විද්‍යා හා තාක්ෂණ නිලධාරි බී. ඒ. කේ. එම්. ප්‍රියංගනී මහත්මිය විසින් තාක්ෂණික දැනුම ලබා දෙන ලද අතර, සංවිධානය හා මෙහෙයවීම ග්‍රාම සංවර්ධන නිලධාරි හංසිමා ජයරත්න විසින් සිදුකරන ලදී.
2023.03.31
The Chief Secretary of Western Province, Mr. Pradeep Yasaratne, visited the Walallawita Divisional Secretariat in Kalutara District on March 26, 2023, to inspect the problems prevailing in remote villages in the division that have not received due attention, and his presence in the division was warmly welcomed by estate villagers in Miriswatta.
The chief secretary instructed relevant officials and authorities to provide immediate solutions relating to the uplift of necessary infrastructure facilities, sanitary facilities, educational facilities, and the other issues raised by the community people.The chief secretary was instructed to provide safety jackets to passengers of the ferry, “Palam Paruwa”, functioning across the Bentota river at Horawala, connecting the Western and Southern Provinces. Further, he advised to construct measures to ensure the safety of rural villagers due to an unsafe well situated at Miriswatta estate and also advised to expedite the provision of drinking water facilities to schoolchildren in Makalandawa Junior School.
Secretary, Ministry of Education in the Western Province, Deputy Planning Directors of the Education Ministry (W.P)and Road Ministry(W.P), and Director of Rural Development (W.P.) were also present.
බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවර මාෂල් ඔෆ් ද එයාෆෝස් රොෂාන් ගුණතිලක මහතාගේ හා බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත පළාත් කෘෂිකර්ම හා ප්‍රවාහන අමාත්‍යංශයන් ඒකාබද්ධව සංවිධානය කරන ලද අලුත් අවුරුදු පොළ – 2023, පළාත් සභා සංකීර්ණයේ දී 2023.04.10 වන දින හා 11යන දිනයන්හි දී පැවැත්විණ.
ඒ සඳහා කර්මාන්ත දෙපාර්තමේන්තුව, කර්මාන්ත සංවර්ධන අධිකාරිය, ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කෘෂි සේවා අධිකාරිය, සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව වෙළඳ කවුලු ඉදිරිපත් කරන ලදී.
මෙහිදී කුඩා පරිමාන ව්‍යවසායකත්වයට ද අවස්ථාවක් ලබා දෙමින් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ වෙළඳ කවුලු 17ක් ඉදිරිපත් කර තිබූ අතර, මෙම ආයතනවල නිෂ්පාදනයන් හා ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන දිරි ගැන්වීම සඳහා විශේෂ වැඩසටහනක් සකස් කරන ලෙස අදාල නිලධාරීන්ට ගරු ආණ්ඩුකාරතුමන් හා ප්‍රධාන ලේකම්තුමන් උපදෙස් ලබා දෙන ලදී.
මේ අවස්ථාව සඳහා ගරු ආණ්ඩුකාරතුමා, පළාත් ප්‍රධාන ලේකම්තුමා, පළාත් කෘෂිකර්ම, සෞඛ්‍ය, අධ්‍යාපන හා පළාත් පාලන ලේකම්වරුන් ද නි.ප්‍ර.ලේ. සැලසුම්, පළාත් ග්‍රාම සංවර්ධන අධ්යක්ෂ, කෘෂිකර්ම අධ්යක්ෂ හා ප්‍රධාන ලේකම් කාර්යාලය, ප්‍රවාහන හා කෘෂිකර්ම අමාත්‍යංශවල සැලසුම් අධ්යක්ෂවරුන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වන ලදී
බස්නාහිර පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මගපෙන්වීම මත, පාසල් සිසුන් ප්රමුඛ ග්‍රාමීය ප්‍රජාවගේ පෝෂණ අවශ්‍යතාවයන්ට සවියක් වෙමින් පසුගිය දිනයන්හිදී වැඩසටහන් කිහිපයක් ග්‍රාම සංවර්ධන සමිති මගින් ක්‍රියාත්මක විය.
ඒ යටතේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 494 බී අරංගල ග්‍රාම සංවර්ධන සමිතිය විසින් හෝකන්දර රත්න කණිෂ්ට විද්‍යාලයේ පාසල් සිසුන් 250කට දිවා ආහාරය සැපයීම ද, හොරණ පහළ මිල්ලෑව උතුර ග්‍රාම සංවර්ධන සමිතිය විසින් සාමාජිකයින් 175කට හා හල්තොටියවත්ත ග්‍රාම සංවර්ධන සමිතිය විසින් සාමාජිකයින් 100කට වියළි ආහාර සලාක සහ වවුචර්පත් ප්‍රධානය කිරීම ද සිදු විය.
මෙම අවස්ථාවට ප්‍රදේශයේ ආගමික නායකයින්, රාජ්‍ය නිලධාරීන් හා ප්‍රතිලාභීන් විශාල පිරිසක් සහභාගී විය.
ග්‍රාමීය මට්ටමේ නායකයන් පුහුණු කිරීම සහ තම ප්‍රදේශයේ සිදු කල යුතුව ඇති අත්‍යවශ්‍යම සංවර්ධන කාර්යයක් ඉටුකර ගැනීම සඳහා මූලාරම්භයක් ලබා දීම පිණිස රු.50,000/- ක මුදලක් පිරිනමමින් බස්නාහිර පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව වාර්ෂිකව ක්‍රියාත්මක කරන ග්‍රාම ප්‍රබෝධ වැඩසටහන 2023 අගෝස්තු මස 11 වැනි දින ගම්පහ දිස්ත්‍රික්කයේ මොරැන්න පුහුණු මධ්‍යස්ථානයෙන් ආරම්භ කරන ලදි.
තවද ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව වාර්ෂිකව ක්‍රියාවට නංවන සති වැඩසටහන සඳහාද චෙක්පත් මෙදින පිරිනමන ලදි.